Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ලකුණු 211කට ඔස්ට්‍රේලියා ඉනිම නිමා වේ

ලකුණු 211කට ඔස්ට්‍රේලියා ඉනිම නිමා වේ

  • පී.ඩී.එෆ් (PDF)
lasith_malinga

මාලිංග පිටපිට කඩුලු තුනක් දවා ගනිමින් නව වාර්තාවක් තබයි
කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 46.1කදී ලකුණු 211කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූහ.

අනගි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග 46වන පන්දුවාරයේ දී එකදිගට එම කඩුලු තුන දවා ගත්තේය. මිචෙල් ජොන්සන්, ජෝන් හැස්‌ටින්ග්ස්‌ හා ෂේවියර් ඩෝහර්ටිගේ කඩුලු මාලිංග බිඳ දමන ලදී. මේ ඔහු එක්දින තරගවලදී ලබාගත් තෙවැනි කඩුලු ත්‍රිත්වය (hat-trick) වන අතර එක්දින ටෙස්ට් තරග තුනක දී එකදිගට කඩුලු ත්‍රිත්වයන් (hat-trick) තෙවරක් බිඳදැමූ එක ම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය. පන්දු වාර 8ක දී නිලකුණු පන්දු වාර 2ක් සමඟ ලකුණු 35කට කඩුලු තුනක් මාලිංග දවා ගත්තේය.

අජන්ත මෙන්ඩිස් ද පන්දුවාර 9.1කදී ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ශමින්ද එරංග කඩුලු 2ක් ද සීක්කුගේ ප්‍රසන්න සහ ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ල බැගින් ද ලබාගත්හ.

45වන පන්දුවාරයේ දී කඩුලු 6කට ලකුණු 211ක් ලබා සිටි ඔස්ට්‍රේලියානු පිලේ ඉනිමේ ඉතුරු කඩුලු 4ම ලසිත් මාලිංග හා අජන්ත මෙන්ඩිස් ක්ෂණික ව දවා ගත්තේ තවත් පන්දු 7ක දී කිසිදු ලකුණක් ලබා නොදෙමිනි.

ඔස්ට්‍රේලියානු පිලේ ෂේන් වොට්සන් හයේ පහරක් සමඟ ලකුණු 56ක් ලබාගත් අතර මයිකල් ක්ලාක් 47ක් ඩේවිඩ් හසී 46ක් ලබා ගත්තේ ය.

Hc