Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)

කඩුලු 6කට ලකුණු 213ක් ලබාගනිමින් අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කළේ ය. තරගාවලියේ ජය 3/2ක් ලෙස ඔස්ට්‍රේලියාවට හිමිවිය.

පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 46.1කදී ලකුණු 211ක් ලබාගත් ඔස්ට්‍රේලියාව අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ලසිත් මාලිංග (4/35) සහ අජන්ත මෙන්ඩිස් (4/49)ගේ සාර්ථක පන්දු යැවීම ඉවහල් විණි.

එක්දින ටෙස්ට් තරගවලදී කඩුලු ත්‍රිත්ව (hat-trick) තුනක් ලබාගත් පළමු පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග නව වාර්තාවක් තැබූ අතර මහේල ජයවර්ධන සහ චාමර සිල්වාගේ පිතිප්‍රහාරය ද ශ්‍රී ලංකා ජයග්‍රහණයට හේතුවිණි. මහේල 71 සහ චාමර 63ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එකතු කළහ.

ලසිත් මාලිංග තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ මයිකල් ක්ලාර්ක්ය.

කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගය පැවැත්විණි.