Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ක‍්‍රීඩා ඉසව් 15ක් සඳහා පුහුණු සංචිත දින 365 පුරා ම ක‍්‍රියාත්මකයි

ක‍්‍රීඩා ඉසව් 15ක් සඳහා පුහුණු සංචිත දින 365 පුරා ම ක‍්‍රියාත්මකයි

  • පී.ඩී.එෆ් (PDF)

ශී‍්‍ර ලංකාව තරගවදින තෝරාගත් ක‍්‍රීඩා ඉසව් 15ක් සඳහා පුහුණු සංචිත දින 365 පුරා ම ක‍්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ  ජාතික වෛද්‍ය ආයතන ශ‍්‍රවණාගාරයේදී පැවති බැඩ්මින්ටන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කී‍්‍රඩා උපකරණ බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලවල් සඳහා ශී‍්‍ර ලංකාව තරගවදින සෑම අවස්ථාවකදීම පුහුණු සංචිත දින 30කට 40කට සීමා වී තිබුණි.

ශ‍්‍රී ලංකා බැට්මින්ටන් සංගමය, යොනෙක් ආයතනයේ අනුග‍්‍රහයෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග‍්‍රහණ දිනාගත් බැට්මින්ටන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා රුපියල් ලක්ෂ 03ක කී‍්‍රඩා උපකරණ එහිදී බෙදාදෙන ලදි.

'වසර 40කට අධික කාල පරිච්ජේදයක් තුළදී ජාතික ක‍්‍රීඩා ප‍්‍රතිපත්තියක් බිහිනොවීමෙන් කී‍්‍රඩාවට විශාල පාඩුවක් සිදුවී තිබුණා. පසුගිය මාස 08ක කාල පරිච්ඡේදයේදී කී‍්‍රඩා අමාත්‍යංශය වැඩි වෙහෙසක් අරගෙන කී‍්‍රඩාවේ අනාගතය වෙනුවෙන් ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තියක් සකස් කළා'.

එම ප්‍රතිපත්තිය ඉදිරි සති 02, 03 ඇතුළත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමෙන් පසු කී‍්‍රඩාවේ අද පවතින බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

'කී‍්‍රඩාවේ අරමුණ විය යුත්තේ කී‍්‍රඩාව දියුණු කිරීම වුවත් අද කී‍්‍රඩා සංගම් පරිපාලනයේදී කී‍්‍රඩාවට වඩා වෙනත් අරමුණු මත කී‍්‍රඩාව යොදාගැනීම කී‍්‍රඩාවේ දියුණුවට විශාල බාධාවක් වී තිබෙනවා. ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තිය තුළින් කී‍්‍රඩා සංගම් පරිපාලනයේ තිබෙන විෂමතාවලට බොහෝ පිළියම් ලබාදී තිබෙනවා. කී‍්‍රඩා සංගම් පරිපාලනයට උපරිම කාල සීමාවක් පනවා තිබෙනවා. වසර 04කට වැඩි කාලයක් එක ම පිරිසකට කී‍්‍රඩා පරිපාලනයේ කටයුතු කිරිමේ හැකියාව ජාතික කී‍්‍රඩා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වීම තුළ අහෝසි වෙනවා. අද කී‍්‍රඩකයින්ට වඩා කී‍්‍රඩකයින්ගේ දෙමාපියන් අනවශ්‍ය ලෙස ක‍්‍රීඩා පරිපාලනයට මැදිහත් වෙනවා. මෙයින් විශාල හානියක් දක්ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සිදු වෙනවා'.

කී‍්‍රඩා ජාතික ප‍්‍රතිපත්තිය තුළින් ජාතික තලයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිටින දෙමාපියන්ට ක‍්‍රීඩා සංගම්වල නිලවරණයට ඉදිරිපත්වීමේ ඉඩකඩ සීමාකර තිබෙන බවත් මේ සියල්ල ක‍්‍රියාත්මක වන්නේ කී‍්‍රඩාවේ දියුණුව, අනාගත පැවැත්ම සඳහා බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා  වර්තමානයේ සෑම කී‍්‍රඩාවකම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බෙදී කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා යැයිද ප්‍රකාශ කළේය.

පසුගිය කාල පරිච්ඡේදයේදී ජාත්‍යන්තර තරගවලදී පවා අපේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සමඟිය සහෝදරත්වය බිඳවැටුණු අවස්ථා තිබු බවත් මේ සඳහා කී‍්‍රඩා පරිපාලනයේ වගකීමක් ඇතැයි ද රටක් නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මව්බිමේ අභිමානය රැකදීම යුතුකමක් යැයි එහිදී අමා‍ත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක, කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

DB