Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා මහවැලි ක්‍රීඩා අද ඇරඹෙයි

මහවැලි ක්‍රීඩා අද ඇරඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වාර්ෂික ව පවත්වනු ලබන මහවැලි ක්‍රීඩා උළෙල අද (27) සහ හෙට (28) දෙදින මහවැලි 'එල්' කලාපයේ වැලිඔය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙහි සමාරම්භක අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක මහතා ද සහභාගී වෙයි.

මෙම ක්‍රීඩා උළෙල වසර 1986 දී ආරම්භ කර ඇති අතර මේ වනවිට වසර 25ක් පවත්වා ඇත.

මෙහි ක්‍රීඩා ඉසව් 35ක් සහ පාපැදි තරගාවලි පැවැත්වේ. පිරිමි පා පැදි ධාවන තරගය කි.මී.160ක් වන අතර එය හෙට (28) පෙ.ව. 6.00ට වැලිඔය මහවැලි ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වෙයි. කාන්තා පා පැදි තරගය කි.මී. 32ක් වන අතර එය පදවි පරාක්‍රම මහා විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹේ.

මහවැලි එල් කලාපය මුලතිව් නගරයටත්, රඹෑව හා නැදුන්කර්නි නගරයත් මායිම් වන හෙක්ටයාර් 198,000කින් යුක්ත භූමියකි. මෙහි පවුල් 3500ක් පමණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් දැනට පදිංචි කර ඇති අතර වැසි ජලයෙන් පෝෂණය වන වැව් හා වාරිමාර්ග පද්ධතියකින් සමන්විත වෙයි.

PR