Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා භූමිය ඇමතිගේ නිරීක්ෂණයට

දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා භූමිය ඇමතිගේ නිරීක්ෂණයට

  • පී.ඩී.එෆ් (PDF)

දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා උළෙලට තව දින 41 යි
ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ප‍්‍රථම දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා තරගය ඔක්තෝම්බර් මස 08 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට නගරයේ දී පැවැත්වෙන අතර එම ක්‍රීඩා භූමියේ ඉදිකිරීම් කටයුතු අද (29) කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

දකුණු ආසියාව නියෝජනය කරමින් රටවල් 08ක් වෙරළබඩ කී‍්‍රඩා උළෙලට සහභාගි වන අතර කී‍්‍රඩකයින් හා නිලධාරින් ඇතුලු ව 600කට අධික පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිතය.

හම්බන්තොට නගරයේ අක්කර 16ක භූමි භාගයක් පුරා ඉදිකෙරෙන වෙරළබඩ කී‍්‍රඩා තරග භූමියේ ඉදිකිරීම් කටයුතු 80%ක් පමණ අවසන් බව දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා ලේකම් කාර්යාලය පවසයි.

මෙරට ප්‍රථමවරට පැවැත්වෙන දකුණු ආසියාතික කී‍්‍රඩා උළෙල ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ වැදගත් සංධිස්ථානයක් වන බැවින්, වෙරළබඩ කී‍්‍රඩා තරගවලින් වැඩි පදක්කම් ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාව දිනාගැනීම සත්කාරක රටක් වශයෙන් ඉතා වැදගත් යැයි එම අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජාත්‍යන්තර පදක්කම් දිනාගැනීමට අසීරු වු තරග ඉසව් ගණනාවකින් වෙරළ කී‍්‍රඩා තරග නියෝජනය කරන එම ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට පදක්කම් දිනාගැනීමට පවතින අවස්ථා වැඩි බැවින් වෙරළ වොලිබෝල්, වෙරළ නෙට්බෝල්, වෙරළ කබඩි වැනි තරග ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට වැඩි වාසියක් අත්වනු ඇතැයි අවධාරණය කරන මහින්දානන්ද අලුත්ගමගේ මහතා, වෙරළබඩ කී‍්‍රඩා තරග පදක්කම් දිනා ගැනීමට මෙන් ම රටේ සංචාරක කර්මාන්තය වර්ධනය කීරිමට ද විශේෂ ආර්ථික ප‍්‍රතිලාභ මෙරටට හිමිවනු ඇතැයි එහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා ලේකම් කාර්යාලයේ සම්බන්ධිකාරක එයාර් වයිස් මාෂල් එල්මෝ පෙරේරා, හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂිකා චන්ද්‍රවංස මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් එම අවස්ථාවට සහභාගි වුහ.

DB