Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

  • පී.ඩී.එෆ් (PDF)
rangana_herath

ඔස්ට්‍රේලියාව කඩුලු 4කට ලකුණු 157
තරග තුනකින් සමන් විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා නායකයා පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වනවිට ඔස්ට්‍රේලියා පිතිකරුවන් කඩුලු 4කට ලකුණු 157 ලබා සිටී.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්දින ටෙස්ට් තරගයේ මේ වනවිට බිඳ වැටී ඇති කඩුලු 4න් තුනක් රංගන හේරත් ද එකක් සුරංග ලක්මාල් ද දවා ගෙන තිබේ. මයිකල් ක්‌ලාක් (23)‌, පිලිප් හග්ස් (12), රිකී පොන්ටින් (44) හා ෂේන් වොට්‌සන් (22) දැවී ගිය ක්‍රීඩකයෝ වෙති.

අද ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, ප්‍රසන්න ජයවර්ධන, සුරංග ලක්මාල්, රංගන හේරත්, සුරාජ් රන්දිව්, චානක වෙලගෙදර හා තරංග පරණවිතාන.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), පිලිප් හග්ස්, රිකී පොන්ටින්, ෂේන් වොට්‌සන්, මයිකල් හසී, උස්මාන් කවාජා, බ්‍රැඩ් හැඩින්, මිචෙල් ජොන්සන්, රයන් හැරිස්, ට්‍රෙන්ට් කොප්ලෑන්ඩ් හා නාතන් ලියෝන්.

සැප්තැම්බර් 4 දක්වා තරගය පැවැත්වේ.

Hc