Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියා පළමු ඉනිම 273කට නිමා වේ

ඔස්ට්‍රේලියා පළමු ඉනිම 273කට නිමා වේ

  • පී.ඩී.එෆ් (PDF)
sl_v_eng_1st_test_galle_310811

පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා පිලේ ඉනිම ලකුණු 273කට සීමා කරන්නට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත් වූහ.

සියලු ක්‍රීඩකයින් ලකුණු 273කට දැවී යද්දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් හසී ලකුණු 95ක් රැස් කළේය. අවසාන කඩුල්ල ලෙස ඔහු දවා ගත්තේ ඩිල්ශාන් තිලකරත්නය.

රංගන හේරත් පන්දුවාර 24ක දී ලකුණු 54ක් දී කඩුලු 3ක් ද සුරංග ලක්මාල් පන්දුවාර 17ක දී ලකුණු 55ක් දී කඩුලු 3ක් ද සුරාජ් රන්දිව් පන්දුවාර 21ක දී ලකුණු 76ක් දී කඩුලු 2ක් ද චානක වෙලගෙදර පන්දුවාර 15ක දී ලකුණු 61ක් දී කඩුලු 1ක් ද ටී.එම්. ඩිල්ශාන් පන්දුවාර 9.4ක දී ලකුණු 22ක් දී කඩුලු 1ක් ද දවා ගත්හ.

කඩුලු බිඳ වැටුණේ 1-28, 2-36, 3-91, 4-112, 5-157, 6-20, 7-234, 8-236, 9-251, 10-273 ලෙසිනි.

තරගය දින පහක් පුරා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. හෙට පෙරවරුවේ තරගය යළි ආරම්භ වේ.

Hc