Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියා දෙවන ඉනිම 210කට නිමා වේ

ඔස්ට්‍රේලියා දෙවන ඉනිම 210කට නිමා වේ

  • පී.ඩී.එෆ් (PDF)
sl_v_au_galle_R_herat

ශ්‍රී ලංකාවට ලකුණු 379ක ඉලක්කයක්
ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා පිලේ දෙවන ඉනිම් ලකුණු 210කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා පිල ලකුණු 273ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල තම පළමු ඉනිමට වාර්තා කළේ ලකුණු 105ක් පමණි.

ඔස්ට්‍රේලියා පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 378ක් ඉදිරියෙන් සිටී. තරගය සඳහා තවත් දින දෙකක් ඉතුරු ව තිබේ.

දෙවන ඉනිමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 210කට දැවී යද්දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මයිකල් ක්ලාක් ලකුණු 60ක් රැස් කරගෙන තිබුණි.

රංගන හේරත් පන්දුවාර 24ක දී ලකුණු 79ක් දී කඩුලු 5ක් ද චානක වෙලගෙදර පන්දුවාර 6ක දී ලකුණු 13ක් දී කඩුලු 2ක් ද  ටී.එම්. ඩිල්ශාන් පන්දුවාර 8.2ක දී ලකුණු 26ක් දී කඩුලු 2ක් ද සුරංග ලක්මාල් පන්දුවාර 8ක දී ලකුණු 23ක් දී කඩුලු 1ක් ද දවා ගත්හ.

කඩුලු බිඳ වැටුණේ 1-0, 2-5, 3-61, 4-110, 5-110, 6-112, 7-130, 8-170, 9-178, 10-210 ලෙසිනි.

ශ්‍රී ලංකා දෙවන ඉනිම මේ වනවිට ආරම්භ වී ඇති අතර පළමු ව පන්දුවට පහර දීමට තිලකරත්න ඩිල්ශාන් සමඟ පිටියට පැමිණි තරංග පරණවිතාන මුහුණ දුන් පළමු පන්දුවෙන් ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු ව දැවී ගියේය. කුමාර් සංගක්කාර පිටියට පිවිස සිටී.

Hc