Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා හැරිස්ගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා ප්‍රබල පිතිකරුවන් දැවීයයි

හැරිස්ගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා ප්‍රබල පිතිකරුවන් දැවීයයි

  • පී.ඩී.එෆ් (PDF)
sl_v_au_ryan_H_pj

ලකුණු 379ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප්‍රබල පිතිකරුවන් පස් දෙනෙකු ම අද තරගය නතර කරන විට දැවී ගොස් තිබුණි.

ශ්‍රී ලංකා පිල අද තරගය නතර කරන විට ලකුණු පුවරුව දිස්වූයේ 120ට කඩුලු 5ක් වශයෙනි.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම ආරම්භ කරන විට පළමු පන්දුවෙන් ම තරංග පරණවිතාන දවා ගන්නට රයන් හැරිස් සමත්විය. නායක ටී.එම්. ඩිල්ශාන් (12) සහ ප්‍රසන්න ජයවර්ධන (00) දවා ගත්තේ ද හැරිස් ම ය. ෂේන් වොට්සන් සහ මිචෙල් ජොන්සන් එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

මේ වනවිට නොදැවී ක්‍රීඩා කරන මහේල ජයවර්ධන 57ක් ද ඇන්ජලෝ මැතිව්ස් 32ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන යන්නට උත්සාහ දරමින් සිටින නමුත් තවත් ඉතුරු ව ඇත්තේ කඩුලු පහක් පමණි.

ලකුණු 379ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප්‍රබල පිතිකරුවන් පස් දෙනෙකු ම අද තරගය නතර කරන විට දැවී ගොස් තිබුණි.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම ආරම්භ කරන විට පළමු පන්දුවෙන් ම තරංග පරණවිතාන දවා ගන්නට රයන් හැරිස් සමත්විය. නායක ටී.එම්. ඩිල්ශාන් (12) සහ ප්‍රසන්න ජයවර්ධන (00) දවා ගත්තේ ද හැරිස් ම ය. ෂේන් වොට්සන් සහ මිචෙල් ජොන්සන් එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

ශ්‍රී ලංකා පිල අද තරගය නතර කරන විට ලකුණු පුවරුව දිස්වූයේ 120ට කඩුලු 5ක් වශයෙනි. තවත් ලකුණු 259ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වේ.

HC