Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියා පිලට ලකුණු 125ක ජයක්

ඔස්ට්‍රේලියා පිලට ලකුණු 125ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)
sl_v_au_galle_final_day

ශ්‍රී ලංකා පිලේ සියලු කඩුලු ලකුණු 253කට දැවීයාමත් සමඟ ම පළමු ටෙස්ට් තරගයේ ජය හිමි කරගැනීමට ඔස්ට්‍රේලියා පිල මීට සුළු වේලාවකට පෙර සමත් වූහ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 5කට ලකුණු 120ක් හිමිකර ගෙන තිබුණි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 379ක ඉලක්කයක් තිබිය දී අද පස්වරුවේ සියලු දෙනා ලකුණු 253කට දැවී ගියේ ලකුණු 125ක ජයග්‍රහණයක් ඔස්ට්‍රේලියා පිලට හිමිකර දෙමිනි.

අද තරගය අරඹන විට මහේල ජයවර්ධන 57ක් ද ඇන්ජලෝ මැතිව්ස් 32ක් ද ලබා සිටි අතර මහේල තම ලකුණු ගණන 105 දක්වා නංවා තිබියදී රයන් හැරිස්ගේ පන්දුවකට දැවී ගිය අතර අවසානයේ හුදකලා සටනක නියැළුණු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 95ක් ලබා සිටියදී ෂේන් වොට්සන්ගේ පන්දුවකට දැවී ගියේ ය.

රයන් හැරිස් පන්දු වාර 20ක දී ලකුණු 62කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු බිඳ වැටුණේ 1-0, 2-15, 3-52, 4-63, 5-68, 6-210, 7-221, 8-242, 9-249, 10-253 ලෙසිනි.

Hc