Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා නිල් පිල බැබල වූ අපේ කලාකරුවෝ අගයමු, සමරමු අද

නිල් පිල බැබල වූ අපේ කලාකරුවෝ අගයමු, සමරමු අද

  • පී.ඩී.එෆ් (PDF)
SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් ‘නිල් පිල බැබල වූ අපේ කලාකරුවෝ අගයමු, සමරමු’ උළෙල අද (04) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේ දී පැවැත්වේ.

නිදහස් සංස්කෘතික සංවිධානය මෙහෙයවන මේ උළෙලේදී නිල්පිල බැබල වූ කලාකරුවන්ගේ ඡායාරූප හා විස්තර ඇතුළත් ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය.

වසර විසි පහකට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සේවය කළ කලාකරුවන් 10දෙනකුට විශේෂ උපහාර පිදීම හා වර්තමාන කලාකරුවන් 50 දෙනකුට උපහාර දැක්වීමද අද සිදුකෙරේ.

මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

Hc