Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා දෙවන ටෙස්ට් තරගය ඇරඹේ

දෙවන ටෙස්ට් තරගය ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)
sl_v_au_pallekele_090911
ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදීමට
තරග තුනකින් සමන් විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක ටී.එම්. ඩිල්ශාන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 3කට ලකුණු 40ක් ලබා සිටී.

පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්දින ටෙස්ට් තරගයේ මේ වනවිට බිඳ වැටී ඇති කඩුලු තරංග පරණවිතාන (00), ටී.එම්. ඩිල්ශාන් (04), මහේල ජයවර්ධන (04) වේ.

‍මේ වනවිට කුමාර් සංගක්කාර සහ තිලාන් සමරවීර පන්දුවට පහර දෙමින් සිටිති.

අද ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, ප්‍රසන්න ජයවර්ධන, සුරංග ලක්මාල්, සීක්කුගේ ප්‍රසන්න, සුරාජ් රන්දිව්, චානක වෙලගෙදර හා තරංග පරණවිතාන.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), පිලිප් හග්ස්, ෂේන් වොට්‌සන්, ෂෝන් මාර්ෂ්, මයිකල් හසී, උස්මාන් කවාජා, බ්‍රැඩ් හැඩින්, මිචෙල් ජොන්සන්, රයන් හැරිස්, ට්‍රෙන්ට් කොප්ලෑන්ඩ් හා නාතන් ලියෝන්.

Hc