Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ගාමනී චිත්‍රපටයේ එන යථාර්ථය දන්නේ ඒ හා බැඳුණු අය පමණයි

ගාමනී චිත්‍රපටයේ එන යථාර්ථය දන්නේ ඒ හා බැඳුණු අය පමණයි

  • පී.ඩී.එෆ් (PDF)
GAMANI

පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල

ගාමනී චිත්‍රපටයේ ම්ලේච්ඡත්වය ප්‍රකාශවන දර්ශයන් වැඩි පුර දක්නට ලැබෙන බවට ඇතැමුන්ගෙන් චෝදනා ලැබෙන බවත් එම චිත්‍රපටයේ අතිශයෝක්තියක් නොමැති බවත් යුද්ධය මීටත් වඩා ම්ලේච්ඡ බව දන්නේ ඒ හා බැඳි පුද්ගලයින් වන රණ විරුවන් බවත් පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.


ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

වඩා හොඳ නිර්මාණයක් බිහිවීමට නම් එම සිද්ධීන් සමඟ ගැටෙන පුද්ගලයන් අතින් නිර්මාණ බිහි විය යුතු යැයි ප්‍රකාශ කළ ඒ මහතා වසර 35ක් පුරා පැවැති යුද්ධය අවසන් කිරීමට නොහැකි වුයේ ඇයි ද යන්නත් වසර 3ක් වැනි කෙටි කාලයකින් යුද්ධය අවසන් කළේ කෙසේද යන පැනයට ගාමනී චිත්‍රපටය තුළින් පිළිතුරු සපයා ඇතැයි ද කීය.

යුද්ධය යනු කටු අත්තක රැඳි සිනිඳු සේද රෙද්දක් එයින් ගලවා ගන්නාක් මෙන් ක්‍රියාවක් යැයි ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

අවුරුදු 35ක් වැනි කාලයක් පුරා ත්‍රස්තවාදීන් එම සිද්ධීන් ලෝකය පුරා ප්‍රචාරය කිරීමට කටයුතු කළ බවත් ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව නිර්මාණ කිසිවක් ඉදිරිපත් කිරීමට කටයුතු නොකළ බව එහිදී අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා ප්‍රකාශ කළේය.

DB