Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ළමා නාට්‍ය උළෙල අදින් ඇරඹේ

ළමා නාට්‍ය උළෙල අදින් ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)
cilidrens_drama_fes

2011 ජාතික ළමා නාට්‍ය උළෙල අද (10) පස්වරු 5.00ට කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ. අදින් ආරම්භ වන ළමා නාට්‍ය උළෙල ලබන 20දා දක්වා දිනපතා පැවැත්වේ.

මෙවර ප්‍රථම වරට ජාතික ළමා නාට්‍ය උළෙල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම පැවැත්වීම විශේෂත්වයකි. භාෂා තුනෙන් ම සීමිත හා විවෘත අංශවලින් ළමා නාට්‍ය 41ක් වේදිකාගත කිරීමට නියමිතය.

ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟදැක්වෙන සියලු නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර පාසැල් සිසුන්ට නාට්‍ය නැරඹීමට විවෘත ආරාධනාවක් සංස්කෘතික දෙපාර්තමේන්තුව සිදු කරයි.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

DB