Friday, Oct 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවයි

ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවයි

  • පී.ඩී.එෆ් (PDF)
au_shaun_hussy

ලංකාවට වඩා 237ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ සිව්වන දින වන අද කඩුලු 7කට ලකුණු 411ක් ලබා සිටි ඔස්ට්‍රේලියා පිල පහරදීම අත්හිටුවා ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිමට අවස්ථාව ලබා දුන්නේය.

ඊයේ තරගය අයහපත් කාලගුණය නිසා පස්වරු 3.30ට පමණ නතර කරන විට ඔස්ට්‍රේලියාව ලබා සිටි ලකුණු ගණන 411කි. එම පළමු ඉනිමේ දී ෂෝන් මාර්ෂ් 141 ද මයිකල් හසී 142ක් ද රැස්කර ගත්හ.

ඔස්ට්‍රේලියා පිලේ කඩුලු බිඳ වැටුණේ 1-60, 2-95, 3-116, 4-374, 5-391, 6-392, 7-392 ලෙසිනි.

ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම, තරගයේ පළමුවන දිනයේ ම අවසන් වූයේ ලකුණු 174කට සියලු කඩුලු බිඳවැටීමෙනි. එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58ක් ලබා ගත්තේය.

‍දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ නායක ටී.එම්. ඩිල්ශාන් (21) සහ තරංග පරණවිතාන (26) ලකුණු රැස්කිරීම අරඹා තිබේ. මේ වනවිට කිසිවකු නොදැවී ලකුණු 56 ලබා සිටී.

Hc