Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොර ව නිමාවේ

දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොර ව නිමාවේ

  • පී.ඩී.එෆ් (PDF)
sl_v_au_match_draw

අද පස්වරු 1.50ට අයහපත් කාලගුණය නිසා නතර කරන ලද ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය වැසි සහිත කාලගුණය දිගින් දිගට ම පැවතුණු නිසා අවසන් කිරීමට පස්වරු 3.50ට තීරණය කෙරිණි.

පස් දින ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6/317ක් ලබාගෙන සිටි අතර තරගය ජයපරාජයෙන් තොර ව අවසන් විණි. පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිලේසියලු දෙනා  ලකුණු 174ට දැවී ගොස් තිබුණි.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 7කට 411ක් ලබා තිබියදී තරගය අත්හිටුවා ශ්‍රී ලංකා පිලට අවස්ථාව ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිමේ දී තරංග පරණවිතාන 55ක් ද කුමාර් සංගක්කාර 69ක් ද මහේල ජයවර්ධන 51ක් ද රැස් කළහ.

මයිකල් හසී තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

Hc