Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික ළමා නාට්‍ය උළෙල 2011

ජාතික ළමා නාට්‍ය උළෙල 2011

  • පී.ඩී.එෆ් (PDF)
අදත් ළමා නාට්‍ය 4ක්‍
Appale 2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ සිව් වැනි දිනයේ දී  (13) ළමා නාට්‍ය 4ක් වේදිකාගත වීමට නියමිතය.

ඒ අනුව නිලංක නාමල් උඩුමුල්ල ආරච්චිගේ ‘ඇපල්‘, මාලා මාරසිංහගේ ‘ෆ්‍රෙන්ඩ්ස්‘ , වව්නියාව ඉලංකායි තිරුච්සුබායි දමිළ විද්‍යාලයේ ‘එතීර් කලම් එමක්කාහ‘, ඩී.කේ. ආටිගලගේ ‘කතන්දර දේශයට සවාරියක්‘ නාට්‍ය 4 වේදිකාගත වේ.

ඊයේ (12) දිනයේ දී හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයේ 'චුටි බබා ලොකු ළමයෙක්', කළුතර බොබුවල ධර්මාශෝක මහා විද්‍යාලයේ 'මාෂා ඇන්ඩ් ද බෙයා', එස්. දයාලන්ගේ 'එල්‍ෆී', පී.පී. මහානාමගේ 'ෆොගී ප්‍රිසිපයිස්' යන ළමා නාට්‍ය සතර වේදිකා ගත විය.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල පසුගිය 10 වැනි දා ආරම්භ වු අතර ලබන 20දා දක්වා දිනපතා කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

DB

frendsEN