Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික ළමා නාට්‍ය උළෙල 2011

ජාතික ළමා නාට්‍ය උළෙල 2011

  • පී.ඩී.එෆ් (PDF)


kutti_anupawam_tamil2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ හයවැනි දිනය වන අද (15) දමිළ නාට්‍යයක් හා ඉංග්‍රිසි නාට්‍යයක් ද සිංහල නාට්‍ය 2ක් ද වේදිකාගත කිරීමට නියමිතය.

ජී.පී. සුභාෂණ කුරුගලගේ "පුංචි පාඩමක්", ඉංගිරිය ශ්‍රී සුමනජෝති ප්‍රාථමික විද්‍යාලයේ "රම්පෙල්ස්ටිස්කින්", ඉනුවිල් කන්දසාමි කෝවිලේ "කුට්ටයානුපවම්" හා එල්.පී.ඩී. සොඳුරු ලොකුපෝතාගමගේ "නුවන්ගේ මිතුරෝ හත් දෙනා" යන නාට්‍ය 04 වේදිකාගත වේ.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල පසුගිය 10 දා ආරම්භ වු අතර ලබන 20 වැනිදා දක්වා දිනපතා කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

DB/NDH

Nuwange_Mituro_7_dena

rumpellstiltskinEN

Punchi_Padamak