Thursday, Apr 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජයතිලක සූරීන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිත ව

ජයතිලක සූරීන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිත ව

  • පී.ඩී.එෆ් (PDF)
K_jayatilake_coffin_cul_minister

දේහය කන්නිමහර ජයතිලක අසපුවට
අභාවප්‍රාප්ත කේ. ජයතිලක සූරීන්ගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරව සහිත ව පැවැත්වෙන බව අවමඟුල් කමිටුව පවසයි.

කේ. ජයතිලක සූරීන්ගේ දේහය අද (15) පෙරවරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට රදාවාන කන්නිමහර පිහිටි ඒ මහතාගේ මහගෙදර වෙත රිය පෙරහැරකින් රැගෙන ගියේ ය.

දේහයට ගෞරව දැක්වීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා, හිටපු සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඒ.වී. සුරවීර මහතා, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් විමල් රූබසිංහ මහතා  සමඟ සාහිත්‍යවේදීන් හා කලාකරුවන් ද පොත් ප්‍රකාශක සංගමයේ නිලධාරීන් ද ජයතිලක මහතාගේ පවුලේ ඥාති හිතමිත්‍රාදීහු ද එම අවස්ථාවට එක් ව සිටියහ.

ඊයේ රාත්‍රී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ ජයතිලක මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු ඒ මහතාගේ අවසාන කැමැත්ත පරිදි සිදු කිරීමට නියමිත ය.

ඒ අනුව ඒ මහතාගේ මහගෙදර වන රදාවාන, කන්නිමහර පිහිටි ජයතිලක අසපුවෙහි දේහය මහජන ගෞරවය පිණිස තැන්පත් කර තබනු ඇත. වැලිවේරිය හරහා රදාවානට පැමිණ රදාවාන කිරිඳිවැල පාරේ රදාවාන පන්සල අසලින් හැරී ජයතිලක අසපුව කරා ළඟා විය හැකි ය. රදාවානේ සිට නිවස දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීමට ද සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය මඟින් කටයුතු යොදන බව පැවසේ.

ලබන ඉරිදා (18) පස්වරු 2.00ට ආදාහන උත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.

Hc