Friday, Oct 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික ළමා නාට්‍ය උළෙල 2011

ජාතික ළමා නාට්‍ය උළෙල 2011

  • පී.ඩී.එෆ් (PDF)
mama_wenama_malak
Poronduwa

අද දමිළ නාට්‍යයක් සමඟ සිංහල නාට්‍ය 2ක්
2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ අද (16) සිංහල නාට්‍ය ක් හා දමිළ නාට්‍යයක් වේදිකාගත කිරීමට නියමිතය.

ඒ අනුව ගම්පහ යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ‘පොරොන්දුව’, පූගොඩ කුමාරි මුල්ල මුස්ලිම් විද්‍යාලයේ ‘සන්තෝෂමන කලුදෙයි’ නාට්‍ය හා නාලක ස්වර්ණතිලකගේ ‘මම වෙනම මලක්’ නම් වේදීකා නාට්‍ය ත්‍රිත්වය වේදිකාගත වේ.

ඊයේ (15) ජී.පී. සුභාෂණ කුරුගලගේ ‘පුංචි පාඩමක්’, ඉංගිරිය ශ්‍රී සුමනජෝති ප්‍රාථමික විද්‍යාලයේ ‘රම්පෙල්ස්ටිස්කින්’, ඉනුවිල් කන්දසාමි කෝවිලේ ‘කුට්ටයානුපවම්’ හා එල්.පී.ඩී. සොඳුරු ලොකුපෝතාගමගේ ‘නුවන්ගේ මිතුරෝ හත් දෙනා’ යන නාට්‍ය 04 වේදිකාගත විය.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල පසුගිය 10 දා ආරම්භ වු අතර ලබන 20 දා දක්වා දිනපතා කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

DB