Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට අභියෝගයක්

අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට අභියෝගයක්

  • පී.ඩී.එෆ් (PDF)
au_v_sl_team

අද කොළඹ සිංහල ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවන සහ අවසාන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක ටී.එම්. ඩිල්ශාන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියා පිලට ආරාධනා කළේ ය.

ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ පළමු වතාවට පැවැත්වෙන ටෙස්‌ට්‌ ලෝක ශූරතාව සඳහා ශ්‍රේණිගත කිරීමේ දී සිව්වැනි ස්‌ථානය ලබන්නට නම් මේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ව තිබේ. මේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබේ.

තරගයේ පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් අද (16) තරගය අවසන් කරන විට කඩුලු 5කට ලකුණු 235ක් ලබා ගෙන තිබුණි.

ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ෂෝන් මාර්ෂ් 81ක් ද රිකී පොන්ටින් 48ක් ද රැස් කළහ. අද තරගය අවසන් කරන විට මයිකල් හසී (63) සහ බ්‍රැඩ් හැඩින් (21) නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් පන්දුවාර 16කදී ලකුණු 39කට කඩුලු 2ක් ද ෂමින්ද එරංග පන්දු වාර 18කදී ලකුණු 52කට කඩුලු 2ක් ද රංගන හේරත් පන්දුවාර 22කදී ලකුණු 60කට එක් කඩුල්ලක් ද දවා ගත්හ.

තරග තුනකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවති තරගයෙන් ලකුණු 125ක පරාජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැලේ පැවැත්වුණු තරගයේ දී ද වැඩි දස්කම් නොපෙන්වූ අතර එයට වර්ෂාව හා මන්දාලෝකය නිසා බාධා ඇති වූ අතර තරගය ජයපරාජයෙන් තොර ව අවසන් විණි.

සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පවත්වා ඇති අවසාන ටෙස්‌ට්‌ තරග 17කින් ශ්‍රී ලංකා පිල පරාජයට පත් වී ඇත්තේ එක්‌ තරගයකි. එම පරාජය ද ලැබුවේ ඔස්ට්‍රේලියානු පිලෙනි. 2004 වසරේ පැවැති එම තරගයේ නායකත්වය දැරුවේ අදත් එම කණ්ඩායමේ සිටින රිකී පොන්ටින්ය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමට ටී. එම්. ඩිල්ෂාන් (නායක), තරංග පරණවිතාන, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, ප්‍රසන්න ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, ෂමින්ද එරංග, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ චානක වෙලගෙදර ක්‍රීඩා කරති.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම; මයිකල් ක්‌ලාක්‌ (නායක), පිලිප් හග්ස්, ෂේන් වොට්‌සන්, ෂෝන් මාර්ෂ්, රිකී පොන්ටින්, මයිකල් හසී, බ්‍රැඩ් හැඩින්, මිචෙල් ජොන්සන්, පීටර් සිඩ්ල්, ට්‍රෙන්ට් කොප්ලෑන්ඩ් හා නාතන් ලියෝන්ගෙන් සමන්විතය.

Hc