Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියා පළමු ඉනිමට ලකුණු 316ක්

ඔස්ට්‍රේලියා පළමු ඉනිමට ලකුණු 316ක්

  • පී.ඩී.එෆ් (PDF)
M_hussey

අද දිවා ආහාරයට පෙර ඔස්ට්‍රේලියා පිලේ සියලු කඩුලු ලකුණු 316කට බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ලකුණු 118ක් රැස්කළ මයිකල් හසීගේ කඩුල්ල අවසන් කඩුල්ල ලෙස බිඳදැමීමට ශමින්ද එරංග සමත් විය.

කඩුලු 5/කට ලකුණු 235ක් ලෙස ඔස්ට්‍රේලියාව අද තරගය ආරම්භ කළේය. දිවා ආහාරයට පෙර ඉතුරු කඩුලු 5 ලකුණු 81ක දී බිඳ දැමීමට පන්දු යවන්නන්ට හැකිවිය.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් පන්දුවාර 21කදී ලකුණු 60කට කඩුලු 2ක් ද ෂමින්ද එරංග පන්දු වාර 23.3කදී ලකුණු 65කට කඩුලු 4ක් ද රංගන හේරත් පන්දුවාර 27කදී ලකුණු 78කට එක් කඩුල්ලක් ද දවා ගත්හ. ඊයේ එක් කඩුල්ලක්වත් බිඳ හෙළීමට සමත් නො වූ චානක වෙළගෙදර අද කඩුලු 3ක් දවා ගත්තේ ය. ඔහු පන්දුවාර 21කදී ලකුණු 75ක් දී තිබුණි.

දිවා ආහාරය විවේකයට පෙර පන්දු වාර 3ක් පමණක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලකුණු 9ක් රැස් කර ගෙන තිබිණි. මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටින්නේ තරංග පරණවිතාන (08) සහ ලහිරු තිරිමාන්න (01)යි.

අද තරගයේ දෙවන දිනයයි.

Hc