Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වෙයි

ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වෙයි

  • පී.ඩී.එෆ් (PDF)
sanga_ssc_au_v_sl

අද සිංහල සමාජ ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 2කට ලකුණු 166ක් ලබා ගනිමින් තරමක ස්ථාවරත්වයක් ගොඩනංවා ගැනීමට සමත්ව තිබිණි.

කුමාර් සංගක්කාර ලකුණු 61ක් ද මහේල ජයවර්ධන ලකුණු 31ක් ද ලබා නොදැවී ක්‍රීඩා කරති.

දිවා ආහාරයට පෙර ඔස්ට්‍රේලියානු පිලේ පළමු ඉනිම ලකුණු 316කට අවසන් වූ අතර අද පළමු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයට අවතීර්ණ වූ බවක් පෙන්නුම් කළේ ය.

පළමුවෙන් පිටියට පිවිසි  තරංග පරණවිතාන (46) සහ ලහිරු තිරිමාන්න (28) පළමු කඩුල්ලට ලකුණු 56ක් රැස්කළ අතර ලකුණු 97 දී දෙවන කඩුල්ල බිඳ වැටිණි.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 150ක් පිටුපසින් කඩුලු 8ක් අතැතිව සිටී. හෙට තරගයේ තුන්වන දිනයයි.

Hc