Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා 2011 ජාතික ළමා නාට්‍ය උළෙල

2011 ජාතික ළමා නාට්‍ය උළෙල

  • පී.ඩී.එෆ් (PDF)

අද සිංහල නාට්‍ය 3ක් සමඟ එක් දමිළ නාට්‍යයක්

2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ අද (18) සිංහල නාට්‍ය 3 ක් හා දමිළ නාට්‍යයක් වේදිකාගත කිරීමට නියමිතය.

ඒ අනුව ශාන්ත ‍ලෝරන්ස් කන්‍යාරාමයේ ‘අංකලුත් අපේ සීයා වගේ’, කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයේ ‘රත්තරංද පිත්තලද’, අනන්සියා අවටුකොන්ගේ ‘තාත්තා සොන්න කතායි’, දිමුතු චින්තක දේවප්‍රියගේ ‘වඳුරන්ගෙන් පාඩමක්’ යන ‍ළමා වේදිකා නාට්‍ය සතර වේදිකාගත වේ.

ඊයේ (17) කහටගස්දිගිලිය පහළ කුඩා පට්ටිය මහා විද්‍යාලයේ ‘බැරි නෑ’, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ‘මමත් පුංචි වීරයෙක්’, කේ.කාලිදාස්ගේ ‘කාක්යින් කුඩු’, කුලියාපිටිය මලියදේව පිරිමි විද්‍යාලයේ ‘ දත රිදෙනවෝ’ නම් නාට්‍ය සතර වේදිකාගත විය.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල පසුගිය 10 දා ආරම්භ වු අතර ලබන 20 දා දක්වා දිනපතා කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

DB