Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා 2011 ජාතික ළමා නාට්‍ය උළෙල හෙටින් අවසන්

2011 ජාතික ළමා නාට්‍ය උළෙල හෙටින් අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

අදත් නාට්‍ය 4ක්

childrens_drama2011 ජාතික ළමා නාට්‍ය උළෙල හෙට (20) අවසන් වීමට නියමිත අතර අද (19) තවත් ළමා නාට්‍යය 4ක් වේදිකාගත කිරීමට නියමිතය.

මීගමුව ලොයෙලා විද්‍යාලයේ 'රූකඩ පෙන්වනවා', ටී. කාංචනාගේ 'මාන්', යොහාන් හර්ෂණ ජයවීරගේ ' සූත්තරේ', ජනිත් තුෂාර දාබරේ ‍ගේ ' ආදරයට ආදරයෙන්' නාට්‍ය සතර අද වේදිකාගත වේ.


ඊයේ (19) ශාන්ත ‍ලෝරන්ස් කන්‍යාරාමයේ ‘අංකලුත් අපේ සීයා වගේ’, කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයේ ‘රත්තරංද පිත්තලද’, අනන්සියා අවටුකොන්ගේ ‘තාත්තා සොන්න කතායි’, දිමුතු චින්තක දේවප්‍රියගේ ‘වඳුරන්ගෙන් පාඩමක්’ යන ‍ළමා වේදිකා නාට්‍ය සතර වේදිකාගත විය.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල පසුගිය 10 දා ආරම්භ වු අතර හෙට දක්වා දිනපතා කොළඹ, ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

DB

childrens_drama_1childrens_drama_2