Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

  • පී.ඩී.එෆ් (PDF)
MP_Mahindananda_Aluthgamage

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
ඔක්තෝම්බර් මස හම්බන්තොට වෙරළ කෙන්ද්‍ර කරගනිමින් ප්‍රථම වරට පැවැත්වීමට නියමිත දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා සියලු කටයුතු සුදානම් බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා පිටි ඉදිකිරීමේ කටයුතු මේ වන විට 50%කින් අවසන් බව ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍ය අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ක්‍රීඩා පිටි ඉදිකිරීමේ කටයුතු ලබන මස මුල් සතිය වන විට සම්පුර්ණයෙන් ම අවසන් කරන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ක්‍රීඩා උළෙල සඳහා රුපියල් මිලියන 300ක් වැය වෙතැයි ඇස්තමේන්තු ගත කොට තිබුණ ද ඉදිකිරීම් කටයුතු සඳහා යුධ හමුදාවෙන් ලැබුණු අනුග්‍රහයන් හේතුවෙන් එම ප්‍රමාණය මිලියන 200ක් පමණ වෙතැයි අපේක්ෂා කරන බව ද කීය.

ක්‍රීඩා උළෙලේ සම්පුර්ණ වියදම වන රුපියල් මිලියන 200න් මිලියන 100ක ප්‍රමාණයන් පෞද්ගලික අනුග්‍රාහකයන් හරහා ලබා ගැනීමට අපේක්ෂා කරන අතර රජය මඟින් වැය කරන රුපියල් මිලියන 100න් 60%ක ප්‍රමාණයක් උපයා ගැනීමට ‍බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

දකුණු ආසියානු කලාපීය රටවල් 8ම සහභාගි වන මේ තරගාවලියේදී තරග ඉසව් 12ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ සහභාගී වීමට නියමිතය. වෙරළ ක්‍රීඩා උළෙලේදී බාස්කට් බෝල්, නෙට් බෝල්, කායවර්ධන, පාපන්දු, හෑන්ඩ්බෝල්, කබඩි, පිහිනුම්, වොලිබෝල්, ජීවිතාරක්ෂක ක්‍රීඩා, රළ ක්‍රීඩා, තුන්ප්‍රයාම හා තුරඟ තරග පැවැත්වීමට නියමිතය.

මෙම තරග ඉසව් 12න් ඉසව් 6 හෝ 7ක් වැනි ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අපේක්ෂාව බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම ක්‍රීඩා ඉසව් සෑම රටකට ම අලුත් බවත් මේ වන විට පුහුණුවීම් කටයුතු සිදු කරන අතර එහි ඉසව් 2ක් සඳහා විදේශ පුහුණුකරුවන් යොදවා ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සංවිධානත්වයෙන් ලබන ඔක්තෝබර් මස 8 සිට 14 දක්වා හම්බන්තොටදී වෙරළ ක්‍රීඩා උළෙල පැවැත්වේ.

DB