Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා අතිශය සාර්ථක අන්දමින් ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු කරනවා

අතිශය සාර්ථක අන්දමින් ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)
mahindananda_aluthgamage

ක්‍රීඩා ඇමැති
2018 වසරේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ලන්සු ඉදිරිපත් කොට ඇති මේ අවස්ථාවේ ඔක්තෝබර් මාසයේ දී හම්බන්තොට දී පැවැත්වෙන වෙරළ ක්‍රීඩා උළෙල සුවිශේෂි අවස්ථාවක් බවත් එය අතිශය සාර්ථක අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

ලෝකයේ පළමුවරට පැවැත්වෙන මෙම ජාත්‍යන්තර තරගාවලිය නරඹන්නට විශාල සංචාරකයන් පිරිසක් බලාපොරොත්තු නොවන බවත් ඉදිරියේ දී මෙවන් ක්‍රීඩා තරගයන් සංචාරකයන් බහුල ව ගැවසෙන වෙරළාසන්න ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා සංචාරක මණ්ඩලය එක් ව සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් හම්බන්තොට, ත්‍රිකුණාමලය, මීගමුව ආදී වෙරළාසන්න විදේශිකයන් බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශයන්හි වෙරළ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩා පිටි ඉදිරියේ දී ඉදිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

DB