Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියාව කඩුලු තුනකට 209ක්

ඔස්ට්‍රේලියාව කඩුලු තුනකට 209ක්

  • පී.ඩී.එෆ් (PDF)
p_hugs

තුන්වන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (19) පස්වරුවේ තරගය නතර කරන විට දෙවන ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව කඩුලු තුනකට ලකුණු 209ක් රැස්කරගෙන තිබුණි.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 473කට නිමා විය. ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලබා ගත්තේ 316කි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ෂේන් වොට්සන් (22), ෂෝන් මාර්ෂ් (18), රිකී පොන්ටින් (28) අඩු ලකුණුවලට දැවී යද්දී පිලිප් හියුස් අගනා පිතිහරඹයක යෙදෙමින් නොදැවී ලකුණු 122ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථක වූ රංගන හේරත් පන්දුවාර 26කදී ලකුණු 54කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් විය.

තරගය අවසන් වනවිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියි. හෙට තරගයේ අවසන් දිනයයි. තරගය කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ පැවැත්වේ.

HC