Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික ළමා නාට්‍ය උළෙල අදින් අවසන්

ජාතික ළමා නාට්‍ය උළෙල අදින් අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

අද නාට්‍ය 5ක්
CDF_Sina_mal2011 ජාතික ළමා නාට්‍ය උළෙල අද (20) අවසන් වන අතර අදත් ළමා නාට්‍යය 5ක් ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී වේදිකාගත කිරීමට නියමිතය.

ඒ අනුව නාත්තන්ඩිය දම්මිස්සර මහා විද්‍යාලයේ ‘ලියුමක් ඇවිල්ලා’, ඇහැළියගොඩ ජාතික පාසැලේ ‘සිනා මල්’, නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ‘ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රිජඩ්ස්’, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ‘අපි ඔක්කොම එක වාගේ’, සමන් චන්දනගේ ‘රාමන්ට රජ තෑග්ගක්’ යන ළමා නාට්‍ය වේදිකාගත කෙරේ.

ඊයේ (19) මීගමුව ලොයෙලා විද්‍යාලයේ 'රූකඩ පෙන්වනවා', ටී. කාංචනාගේ 'මාන්', යොහාන් හර්ෂණ ජයවීරගේ ' සූත්තරේ', ජනිත් තුෂාර දාබරේ ‍ගේ ' ආදරයට ආදරයෙන්' නාට්‍ය සතර වේදිකාගත විය.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල පසුගිය 10 දා ආරම්භ වූ අතර මෙවර ප්‍රථම වරට ජාතික ළමා නාට්‍ය උළෙල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම පැවැත්වීම විශේෂත්වයකි. සීමිත හා විවෘත අංශවලින් ළමා නාට්‍ය‍ 36ක් ඊයේ වනවිට වේදිකාගත කර තිබේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය එක් ව ළමා නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

DB

CDF_Prides__Prejudice_EN

CDF_liyumak_awilla