Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා රාජ්‍ය ළමා චිත්‍ර තරගයේ සම්මාන ප්‍රදානය ඔක්තෝබර් 01

රාජ්‍ය ළමා චිත්‍ර තරගයේ සම්මාන ප්‍රදානය ඔක්තෝබර් 01

  • පී.ඩී.එෆ් (PDF)
childrens_drawing

ළමා චිත්‍ර ප්‍රදර්ශනයත් ජාතික කලාභවනේ
2011 රාජ්‍ය ළමා චිත්‍ර තරගයේ සම්මාන ප්‍රදානෝත්සවය ලෝක ළමා දිනයට සමගාමී ව ලබන ඔක්තෝබර් 01 වැනි දා පෙරවරු 10.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

මෙරට සුවහසක් නිර්මාණශීලී දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ කුසලතාව වර්ධනය කිරීම හා ඔවුන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීමේ අරමුණින් වාර්ෂික ව රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කරනු ලබයි.

මෙවර ළමා චිත්‍ර තරගය සඳහා චිත්‍ර 45,727ක් ලැබී තිබු අතර එම නිර්මාණ අතුරින් එක් දිස්ත්‍රික්කයකින් වයස් කාණ්ඩ 5ක් යටතේ උසස් නිර්මාණ 30 බැගින් 150ක් තෝරාගෙන දිස්ත්‍රික් මට්ටමින් ඔවුන් සඳහා චිත්‍ර වැඩමුළුවක් පවත්වන අතර ඉන් අනතුරු ව ඔවුන්ට නිදහසේ චිත්‍ර ඇඳීමේ අවස්ථාව ලබා දී ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මඟින් ජයග්‍රාහකයන් තෝරා ගනිති.

වයස් කාණ්ඩ 5 යටතේ අතිවිශිෂ්ට නිර්මාණ 5ක් සඳහා රන් පදක්කම් සමඟ සම්මාන සහතිකයක් හා මුදල් ත්‍යාග පිරිනමනු ලබන එක් කාණ්ඩයකින් විශිෂ්ට නිර්මාණ 10ක් ද, සම්මාන 15ක් හා කුසලතා සම්මාන 20ක් පිරිනමනු ලබයි. ඒ සඳහා පදක්කම් හා සම්මාන සහතිකයක් පිරිනමනු ලබයි.

මෙවර විශේෂත්වය වන්නේ යාපනය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඇතුළු උතුරු නැගෙනහිර පළාතෙන් විශාල චිත්‍ර නිර්මාණ සංඛ්‍යාවක් ලැබී තිබීමයි.

සම්මානලාභීන්ගේ නිර්මාණ ඇතුළත් රාජ්‍ය ළමා චිත්‍ර ප්‍රදර්ශනය ඔක්තෝබර් 01 සිට 03දා දක්වා පෙරවරු 9.00සිට පස්වරු 5.00දක්වා ජාතික කලා භවනේ දී පැවැත්වේ.

DB