Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා "Colombo Wall" සිතුවමට නැඟීම ඇරඹේ

"Colombo Wall" සිතුවමට නැඟීම ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)
cmb_wall_painting
cmb_wall_painting_1
cmb_wall_painting_2
cmb_wall_painting_3

ලබන 27 වැනි දාට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමී ව කොළඹ නගර මධ්‍යයේ පිහිටි බේරේ වැව අසල විශේෂ සංචාරක කලාපයක් මෙවර පැවැත්වේ.

කොළඹ 02, උත්තරානන්ද මාවතේ සිට පෙරහැර මාවත දක්වා රෝඩ් ටු පැරඩයිස් (Road To Paradise) යන තේමාව යටතේ ක‍්‍රියාත්මක මේ සැමරුම් කලාපයේදී කිලෝ මීටරයක් දිගින් යුත් චිත‍්‍රයක් බස්නාහිර පළාත් පාසැල් සිසුන්ගේ අතින් නිර්මාණය කිරීම අද ආරම්භ විය.

බස්නාහිර පළාතේ පාසැල් 110ක් නියෝජනය කරමින් සිසුන් 2000කට වැඩි සංඛ්‍යාවක් ඊට සහභාගී වන අතර Colombo Wall ලෙස එය නම් කර ඇත. වේගයෙන් සංවර්ධනය වන කොළඹ නගරය අනාගත දරු දැරියන් දකින ආකාරය මේ දරුවන්ගේ අතින් සිතුවමට නැගීම විශේෂත්වයකි.

එක පාසලකට අඩි 30ක ඉඩ ප‍්‍රමාණයක් ලබාදී ඇති අතර අද සිට අනිද්දා (27) දක්වා පාසල් ළමයින් අතින් එම සිතුවම නිර්මාණය කෙරේ.

Hc