Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ළමා චිත්‍රපට සතිය අද සිට

ළමා චිත්‍රපට සතිය අද සිට

  • පී.ඩී.එෆ් (PDF)
kids_film_festi
ඔක්තෝබර් 1 වැනි දාට යෙදෙන ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන ළමා චිත්‍රපට සතිය අද (26) කොළඹ දී ආරම්භ වේ.

බෞද්ධාලෝක මාවතේ, ජාතික චිත්‍රපට සංස්ථාවේ NFC සිනමා ශාලාවේ දී අද පස්වරු 3.30ට සිනමා ප්‍රදර්ශනය ආරම්භ වන අතර ලබන 30 වැනි දා දක්වා එය පැවැත්වේ.

අද සෝමරත්න දිසානායක මහතාගේ ‘බිංදු’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් සිනමා දැක්ම ආරම්භ වන අතර ළමා නිවාසවල නේවාසික ව සිටින ළමුන් සහ තෝරාගත් පාසැල් කිහිපයක ළමුන් සඳහා මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

එක් දිනකට තවත් දරුවන් 75 දෙනෙකුට ද තම භාරකරුවකු සමඟ පැමිණ මෙම චිත්‍රපට නැරඹීමට ඉඩකඩ ලැබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් මෙහි සංවිධාන කටයුතු සිදුකරයි.