Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ජෙෆ් මාර්ෂ් හෙට දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ජෙෆ් මාර්ෂ් හෙට දිවයිනට

  • පී.ඩී.එෆ් (PDF)
goeff_marsh
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර තිබෙන ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රීඩක ජෙෆ් මාර්ෂ් (Geoff Marsh) නව තනතුරේ වැඩ බාරගැනීම සඳහා හෙට (27) මෙරටට පැමිණීමට නියමිත ය.

වසර දෙකක් පුහුණුකරු ලෙස ගිවිසුමකට එළැඹ ඇති මාර්ෂ් පවසන්නේ ශ්‍රී ලංකා පිලට එළැඹෙන කාලය කාර්යබහුල පුහුණුවීම් කාලයක් වන බවයි. පකිස්තාන සංචාරයට පෙර ශ්‍රී ලංකා පිලේ හැකියාවන් වර්ධනය කිරීම අභියෝගයක් වන බව ද ඔහු පවසයි. දකුණු අප්‍රිකානු සංචාරයකට ද ශ්‍රී ලංකා පිලට ඉදිරියේ දී මුහුණදීමට තිබේ.

පසුගිය වසර දෙකක දී ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් අහිමි ව සිටින ශ්‍රී ලංකා පිල යළි ගොඩනැංවීමට සහය වීමේ අභියෝගයට මුහුණදිය යුතු අතර ශ්‍රී ලංකා පිල අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ ටෙස්ට් වර්ග කිරීමේ දී පස්වන ස්ථානයට පහළ වැටුණේ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලිය 1-0 ලෙස පරාජයවීමත් සමඟය. වසර කිහිපයක් තුළ සනත් ජයසූරිය, මුරලිදරන්, වාස් සහ ටෙස්ට් තරගවලින් සමුගත් මාලිංග වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් අහිමිවීමෙන් ශ්‍රී ලංකා පිල පසුබෑමකට ලක් ව සිටින බව ද මාර්ෂ් පවසයි.

කෙසේවෙතත් මහේල සහ සංගක්කාර වැනි ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සහ මැතිව්ස් වැනි දක්ෂ තරුණ ක්‍රීඩකයන් පිලෙහි සිටින බැවින් පෙර තිබූ තත්ත්වයට ළඟාවීමට හැකිවන බවට මාර්ෂ් විශ්වාසය පළ කරයි.

ඔස්ට්‍රේලියාවට එරෙහි ව ශ්‍රී ලංකා පිලේ හැකියාවන් ඉදිරි වසරක කාලයකදී ඉහළට ගෙන ඒම තම ඉලක්කය බවත් ඒ සඳහා සියලු අංශවල වර්ධනයක් සිදුවිය යුතු බවත් මාර්ෂ් පවසයි.

ජෙෆ්රි රොබර්ට් මාර්ෂ් 1958 දෙසැම්බර් 31 වැනි දා බටහිර ඔස්ට්‍රේලියාවේ උපත ලබා ඇති අතර ඔස්ට්‍රේලියානු පිලට එක් වී දකුණත් පිතිකරුවකු ලෙසින් ටෙස්ට් තරග 50කට සහ එක්දින තරග 117කට සහභාගී වී ඇත.

Hc