Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් හෙක්ටර් කොබ්බෑකඩුවගෙන් වත්මන් දේශපාලඥයින් පාඩම් උගත යුතුයි

හෙක්ටර් කොබ්බෑකඩුවගෙන් වත්මන් දේශපාලඥයින් පාඩම් උගත යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)
prime_min

අගමැති

හෙක්ටර් කොබ්බෑකඩුව වැනි ජනතාවාදි දේශපාලඥයින්ගෙන් වත්මන් දේශපාලඥයින්ට ඉගෙනීමට පාඩම් බොහෝ ඇති බවත්, එතුමා ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ, ලාංකීය දේශපාලනයේ සංන්ධිස්ථානයක් සනිටුහන් කළ නායකයෙකු බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19)  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන පරිශ්‍රයේ පැවති දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ 28 වන ගුණානුස්මරණ උත්සවයට සහභාගිවෙමිනි. මෙහිදී පරිශ්‍රය තුළ තිබෙන හෙක්ටර් කොබ්බෑකඩුව පිළිරුවට අග්‍රාමාත්‍යවරයා පුෂපෝපහාර දැක්වීය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ එදා කොබ්බෑකඩුව මහතා මූලික වෙමින් ගෙන ගිය ඉඩම් ජනසතු කිරීමේ ව්‍යාපාරය නොවන්නට තවමත් මෙරට ඉඩම් විදේශිකයින් සතු වන්නට ඉඩ තිබුණු බවයි. එම වැඩපිළිවෙළ නිසා සාමාන්‍ය ජනතාවට විශාල සෙතක් වුණා. එසේම එදා මෙරට ඉඩම් නොමැති ව සිටි ජනතාවට ඉඩම් ලබාදීම වෙනුවෙන් කළ කැප කිරීම ද ඉතා ප්‍රශංසනීය වේ. එතුමා එසේ සටන් කළත් එතුමාට බිම් අඟලක් තිබුණේ නෑ. එදා දේශපාලඥයෝ එහෙමයි. ඒත් අද ඒ ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ගන්නවාද යන්න ගැටළුවක්.

මීට අවුරුදු 40 කට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට යටතට පවරා ගත්ත ඉඩම් ප්‍රයෝජනයට නොගන්නා  තත්වයකට පත්ව ඇති බවට මම චෝදනා කරනවා. මෙය මහජන මුදලින් නඩත්තු කරන ආයතනයක්. වර්තමානයේ ඉඩම් නැතිව සිටින අයට ඉඩම් ලබා දී ඔවුන් ශක්කිමත් කිරීම අපේ යුතුකමක්. ජාත්‍යන්තරය බලපෑම් කරන මෙවන් වකවානුවක සියලු භේද දුරලා සෑමදෙනා එක්ව නැගී සිටිය යුතු බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පූජ්‍ය පිලපිටියේ සංගතිස්ස ස්වාමින් වහන්සේ සහ කොබ්බෑකඩුව මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

saku