Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ඉහළ කොත්මලේ ඉදිකිරීම් අවසන් අදියරේ

ඉහළ කොත්මලේ ඉදිකිරීම් අවසන් අදියරේ

  • පී.ඩී.එෆ් (PDF)
Upper_Kotmale_20-09-2011

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන විශාල පරිමාණයේ අවසන් ජල විදුලි ව්‍යාපෘතිය වන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 89%කින් පමණ අවසන් වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 

විවිධ බලපෑම් මත දශකයකට අධික කාලයක් ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වූ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 මාර්තු මස ආරම්භ වූ අතර එය අදියර 5ක් යටතේ සිදුකරන ලදී.

ඒ අනුව පළමු අදියර යටතේ මූලික සිවිල් වැඩ සිදුකෙරෙන අතර මේ වන විට ඉන් 94%ක ඉදිකිරීම් කටයුතු අවසන් වී ඇත. දෙවන අදියර යටතේ බලාගාරයේ ප්‍රධාන සිවිල් වැඩ සිදුකෙරෙන අතර එහි 89%ක වැඩ අවසන් වී ඇත. ජල යාන්ත්‍රික සවිකිරීම් ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ සිදුකෙරෙන අතර එහි 98%ක ප්‍රගතියක් ලබා තිබේ.

සිව්වන අදියර යටතේ සිදුකෙරෙන විදුලි ජනන යන්ත්‍ර සවිකිරීමේ කටයුතු මේ වන විට 84%කින් නිමකොට ඇති අතර විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් සිදුකෙරෙන පස්වන අදියර 84%ක ප්‍රගතියක් ලබා ඇත.

මේ දක්වා ශ්‍රී ලංකාවේ ඉදිකළ දිග ම උමඟ වන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ප්‍රධාන භූගත උමඟ මගින් කොත්මලා ඔයේ ජලය තලවාකැලේ සිට නියම්ගම්දොර දක්වා බලාගාරය වෙත ගෙනයනු ලබයි.

මෙම වසර අග භාගයේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක ධාරිතාවක් එක්කිරීමට නියමිත මෙම විදුලි බලාගාරය තුළින් වාර්ෂිකව විදුලි ඒකක දසලක්ෂ 409ක දල විදුලි ජනනයක් බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් රජයේ විදේශ සංවර්ධන සහන යටතේ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව මගින් ජපන් යෙන් මිලියන 33,265ක සහනදායී ණය මුදලක් පිරිනමා ඇති අතර මෙම ණය මුදල වසර 10ක සහන කාලසීමාවකින් ගෙවා නිමකළ යුතු ව ඇත.

මෙම විදේශ ණයවලට අමතර ව ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 8700ක මුදලක් ව්‍යාපෘතිය සඳහා වැයකරනු ලබයි.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 10:00