Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ගෘහ ඒකක ලක්ෂ 15ට සමගාමී ව ආදර්ශ ගෙවතු 14,000ක්

ගෘහ ඒකක ලක්ෂ 15ට සමගාමී ව ආදර්ශ ගෙවතු 14,000ක්

  • පී.ඩී.එෆ් (PDF)
Divinaguma_Homagama

දිවි නැඟුම දෙවැනි අදියර වෙනුවෙන් රටපුරා ස්ථාපිත කරන ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 15ට සමගාමී ව සෑම ග‍්‍රාමසේවා වසමකට ම ආදර්ශ ගෙවත්තක් බැගින් ආදර්ශ ගෙවතු 14,000ක්  දිවයින පුරා පිහිටුවීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සියලු රෝගවලට මුහුණ දෙමින් කාබනික පොහොර උපයෝගිකර ගෙන මෙම ආදර්ශ ගෙවතු දිවයිනේ දිස්ති‍්‍රක්ක 25ට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 324ක පිහිටි ග‍්‍රාම සේවා වසම්වල මෙම වසර තුළ දී ආරම්භ කෙරේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ ඉදිරි මග පිළිබඳ ව කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩමුළුවේ දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය අංශ නිලධාරින් සමූහයක් සාමූහික ව එක්වෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කළ සේවය ඉහළින් ම අගය කරන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

DB