Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් අලව්වේ දුම්රිය අනතුර ගැන සෙවීමේ කමිටුවට සාමාජිකයන් නම් කෙරේ

අලව්වේ දුම්රිය අනතුර ගැන සෙවීමේ කමිටුවට සාමාජිකයන් නම් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
KumaraWelgama

පසුගියදා අලව්ව දුම්රිය ස්ථානයේ දී සිදු වූ දුම්රිය අනතුර පිළිබඳ ව සෙවීමට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

ඒ සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ප්‍රවාහන අමාත්‍යාංශයේ ආරක්ෂක උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත් පෙරේරා, මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථාන‍යේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් පනාවැල්ලගේ යන මහත්වරුන් පත්කර ඇත.

මෙම කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත තමාට භාරදෙන ලෙස අමාත්‍යවරයා කමිටුව වෙත දන්වා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවර කොළඹ ශීඝ්‍රගාමී දුම්රියේ නැරඹුම් මැදිරියේ සිට අනතුරට ලක්වූවන්ගෙන්, එම අනතුර ඇසින් දුටු පුද්ගලයන්ගෙන්, දුම්රිය නියාමකවරයාගෙන්, අලව්ව දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන්, දුම්රිය ප්‍රධාන පාලක මැදිරියේ ඉංජිනේරුවරයා ඇතුළු පිරිසකගෙන් විමසීමට නියමිතය.

දුම්රිය ධාවන සංඥාවල දෝෂ පවතී නම් එවැනි දෝෂ කඩිනමින් නිවැරදි කරගත යුතු බවත්, වසර 40ක් පමණ පැරණි සංඥා පද්ධතිය වෙනුවට නව සංඥා පද්ධති සවිකිරීම පිළිබඳ ව අවධානය යොමුකරන බවත් අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කරන්නේ අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඒ සඳහා අදාළ ප්‍රතිපාදන වෙන්කර ගැනීමට පියවර ගන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් එක් පරීක්ෂණයක් ද, පොලීසිය මඟින් විශේෂ පරීක්ෂණයක් ද සිදුකරයි.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 21 වෙනි බදාදා, 16:51