Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජාතික ශ්‍රම අධ්‍යයන පාඨමාලා 25 වැනි දා ආරම්භ කෙරේ

ජාතික ශ්‍රම අධ්‍යයන පාඨමාලා 25 වැනි දා ආරම්භ කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
workshop

ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාවලට බඳවාගත් හතරවන ඩිප්ලෝමා කණ්ඩායම සඳහා පාඨමාලා ආරම්භ කිරීමේ උත්සවය ලබන 25 වැනි දා සිදුකෙරෙන බව කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය පවසයි.

මෙම උත්සවය කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 9.00ට නුගේගොඩ හයිලෙවල් පාරේ, අංක 318 දරණ ස්ථානයේ පිහිටා ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේදී පැවැත්වේ.

කම්කරු නීති, මානව සම්පත් කළමනාකරණය සහ වැඩපොළ ඵලදායීතාව යන විෂයයන් තුනක් යටතේ මෙම ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කෙරේ.

මෙම පාඨමාලා මඟින් ජාතික හා අන්තර් ජාතික කම්කරු නීති හා ප්‍රඥප්ති, සම්පත් කළමනාකරණ නිපුණතා සහ ඵලදායිතාව ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසකට අදාළ දැනුම ලබාදීමට සැලසුම් කර ඇත.

ECB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 01:40