Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් එජාපය අර්බුදයෙන් අර්බුදයට යන බව ප්‍රත්‍යක්ෂ වුණා

එජාපය අර්බුදයෙන් අර්බුදයට යන බව ප්‍රත්‍යක්ෂ වුණා

  • පී.ඩී.එෆ් (PDF)
Dew_Gunasekara

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර
එජාපය දෘෂ්ටිමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් සංවිධානාත්මක වශයෙන් අර්බුදයෙන් අර්බුදයට යන එක රවී කරුණානායක මහතාගේ කතාවෙන් ප්‍රත්‍යක්ෂ ලෙස එය ඔප්පු වූ බව මානව සම්පත් පිළිබඳ  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මුදල් ව්‍යාපාර පනත් කෙටුම්පත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධිත ) පනත් කෙටුම් පත, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති සංශෝධන පනත් කෙට්මපත් විවාදයට එක් වෙමින් මේ බව පැවසී ය.

මෙය අතිශය වැදගත් කාලීන පනත් තුනක්. මේ පනත් තුන ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂය වෙනුවෙන් විපක්ෂයේ ආරම්භ කළ කතාව පනත ගැන එක ම කරුණක්වත් ඉදිරිපත් නොකර කොළඹ ඡන්ද දායකයින්ට කතා කරනවා.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වසා දමා කියා රවී කරුණානායක මහතා කියනවා. අපි එය වසර 2006 පිහිටවුවේ. මේ කරන්නේ වැරදි තොරතුරු දෙන එක.

එදා ටී.එන්.ඒ. එක  එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට පණිවිඩයක් යවන්න ඕන නිසා වසර 2005  දී දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් ගෙනා පනතට පාර්ලිමේන්තු සභාවේ විරුද්ධ වුණා. කදිරගාමර් මැතිතුමා ගෙනා අවසන් පනත එයයි.

සෑම පුද්ගලයෙක් ම ඇතුළත්වන පරිදි නීතිය සකස් කර තිබෙනවා. පසුගිය කාලයේ මූල්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලික අංශයේ සිදු වූ මූල්‍ය වංචා අක්‍රමිකතා හොඳින් දන්නවා. අවසරයකින් තොර ව තැන්පතු ලබාගැනීම වරදක් බවට පත්කර තිබෙනවා. ඒ සඳහා විමර්ෂණ පුළුල් කර තිබෙනවා, දඬුවම් වැඩිකිරීම ද වරදකට අනුබල දීම ද වරදක් ලෙස දක්වා තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

PR