Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ‘දෙසතිය’ මාධ්‍ය සම්මන්ත්‍රණය හෙට බදුල්ලේදී

‘දෙසතිය’ මාධ්‍ය සම්මන්ත්‍රණය හෙට බදුල්ලේදී

  • පී.ඩී.එෆ් (PDF)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ‘දෙසතිය’ සඟරාව මගින් සංවිධානය කරන ‘ජනමාධ්‍ය හඳුනාගැනීම’ යනුවෙන් පවත්වන පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ මෙවර සම්මන්ත්‍රණය ලබන හෙට (23) බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

‘ජනමාධ්‍ය හා රසවින්දනය’ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත මෙම සම්මන්ත්‍රණය සඳහා බණ්ඩාරවෙල පාසල් කිහිපයක සිසු සිසුවියන් සහභාගි වනු ඇත.

මහාචාර්ය ආරියරත්න ඇතුගල, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් යන මහත්වරුන් මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය.

මෙම පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරා පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 07:12