Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් රට සහලින් මෙන් ම පශු සම්පතිනුත් ස්වයං පෝෂිත කළ යුතුයි

රට සහලින් මෙන් ම පශු සම්පතිනුත් ස්වයං පෝෂිත කළ යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

ආර්ථික සංවර්ධන ඇමැති
MP_BR_DN_Lමහින්ද රාජපක්ෂ රජය මඟින් සහලින් රට ස්වයං පෝෂිත කළා සේ ම නිවැරදි ඉලක්කයකට ක්‍රියාකර පශු සම්පත් අංශයෙන් ද රට ස්වයං පෝෂිත කිරීමට දිවි නැගුම ජාතික වැඩසටහන හරහා පියවර ගතයුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ගෘහස්ථ මට්ටමින් පශු සම්පත් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම ජනතාවගේ පෝෂණය වැඩි කිරීමට ඉවහල් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ ඉදිරි මග පිළිබඳ ව පශු සම්පත් අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (21) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවැති වැඩමුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2011 වසරේ දී දිවි නැගුම පශු සම්පත් අංශයෙන් ගෘහ ඒකක 23000ක් තුළ කුකුළු පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා කුකුළු පැටවුන් 230,000ක් බෙදාදීමට නියමිත බවද පැවසීය.

එසේ ම සෑම දිස්ත්‍රික්කයක ම කුඩා පරිමාණ බිත්තර රක්නාගාර ඇති කිරීමට ද පියවර ගෙන තිබේ. සමස්ත ව්‍යාපෘතිය මඟින් 2012 වසරේ දී ප්‍රතිලාභ ලබා ගැනීමට නියමිත අතර ඒ අනුව දිනකට බිත්තර ලක්ෂයක ප්‍රමාණයක් ලබා ගත හැකිය.

මීට අමතර ව ගව සම්පත වැඩිකර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා උසස් තත්ත්වයේ සතුන් 5000ක් පමණ ගොවීන්ට ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහත්වරුන් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වුහ.

DB

MP_BR_DN_L_1MP_BR_DN_L_2MP_BR_DN_L_3