Friday, Oct 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා වතු ජනතාවට විශ්‍රාම වැටුප්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා වතු ජනතාවට විශ්‍රාම වැටුප්

  • පී.ඩී.එෆ් (PDF)

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ය‍ටතේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා වතු ජනතාවට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් කටයුතු යොදා ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයින් හා වතු ජනතාව ස්වයං රැකියාලාභී විශ්‍රාම වැටුප් අරමුදලට බඳවා ගැනීම මේ යටතේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති නිමල් චන්ද්‍ර අමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (22) එම ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී සභාපතිවරයා තවදුරටත් පැවසුවේ, විදේශ සේවා නියුක්තිකයන් සඳහා ක්‍රියාත්මක සුරැකුම යෝජනා ක්‍රමයේ ප්‍රවර්ධන වැඩසටහන් 02ක් දැනටමත් කුවේට් රාජ්‍යයේ හා සිංගප්පූරුවේදී පවත්වා ඇති අතර, ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයන් ලැබී ඇති බවයි. ඉදිරි මාස කිහිපය තුළ මෙම වැඩසටහන තවදුරටත් පුළුල් ව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සභාපතිවරයා එහිදී පැවසීය.

එමෙන් ම වැවිලි ක්ෂේත්‍රයේ සේවා නියුක්තිකයින් හා හිමිකරුවන් වෙත මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇති අතර, 500000ක් ඉක්ම වූ පිරිසක් මේ යටතේ ආවරණය කිරීමට සැලසුම් කර ඇත. දැනටමත් වැවිලි සමාගම්, වතු කළමනාකරුවන් දැනුවත් කර එකඟතාවකට පැමිණ දැනුවත් කිරීම් හා බඳවා ගැනීම් ආරම්භ කර ඇත. පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මඟපෙන්වීම හා වැවිලි මානව සංවර්ධන භාරයේ මැදිහත්වීම සහිත ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ECB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 10:12