Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක්

‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක්

  • පී.ඩී.එෆ් (PDF)

නුගේගොඩ, නාවල වික්‍රමසිංහාරාම විහාරවාසී ඇමරිකාවේ නිව්යෝර්ක් ලෝන්ග් අයිලන්ඩ් විහාරයෙහි විහාරාධිකාරී පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් රචිත ‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම ලබන 25 වනදා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල වික්‍රමසිංහාරාම ධර්ම ශාලාවේදී පැවැත්වේ.

මේ සඳහා විශේෂ ආරාධිතයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරුන් සහභාගිවීමට නියමිතය.

එසේම සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය ස්වර්ණලතා පෙරේරා, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එන්.කේ. පුෂ්පකුමාර මහතා, රේගු අධ්‍යක්ෂ අජන්ත ඩයස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගි වනු ඇත.

එදිනට පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අරභයා ‘ළමයි හිතුවක්කාර වන්නේ ඇයි’ යන මැයෙන් සද්ධාජීව හිමියන්ගේ විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 10:47