Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් මධ්‍යම තැපෑලට නව ආරක්ෂක කැමරා පද්ධතියක්

මධ්‍යම තැපෑලට නව ආරක්ෂක කැමරා පද්ධතියක්

  • පී.ඩී.එෆ් (PDF)

MP_Kumarathunga_cctvරුපියල් මිලියන 8.5ක වියදමින් සවි කරන ලද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නව ආරක්ෂක කැමරා පද්ධතිය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අතින් විවෘත විය.

ඊයේ (21) විවෘත කළ පැය 24 පුරා ම ක්‍රියාත්මක කැමරා 106කින් සමන්විත මෙම පද්ධතිය මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලු අංශ ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇත. අධි තාක්ෂණික උපාංගයන්ගෙන් යුත් මෙම කැමරා පද්ධතිය ස්වයංක්‍රීයව චලනය වී සමීප රූප ගත හැකි අතර එසේ ලබා ගන්නා දත්තයන් මාසයක් වැනි කාලයක් ගබඩා කර තබා ගත හැකි වේ.

තැපෑල තුළින් ජනතාව අපේක්ෂා කරන සේවාව වඩාත් ක්‍රමවත් ව හා ආරක්ෂාකාරී ව සිදු කෙරන බව නව ආරක්ෂක කැමරාව ස්ථාපිත කිරීම තුළින් පැහැදිලි වන බවත් ඒ අනුව දිවයිනට ම තැපැල් භාණ්ඩ බෙදාහරිනු ලබන මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු විනිවිද භාවයෙන් යුතු ව සිදු කිරීම දැන් අවස්ථාව උදා වී ඇති බව එම අවස්ථාවට එක් වෙමින් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.

තරගකාරී වෙළෙඳපොළ තුළ තැපෑල ද එම ආයතන සමඟ ගැටීමට නම් සම්ප්‍රදායික රාමුවෙන් බැහැර ව කටයුතු කළ යුතු බවත් ආයතනයේ දියුණු ව වෙනුවෙන් එහිදී න්‍යායගත ක්‍රමවේදයන් වෙනස් කිරීමට පාලන අධිකාරියට සිදු වන බව ද කීය.

විශ්ව තැපැල් සංගමයේ කාර්යක්ෂම සේවා සපයන්නන් අතර 185 වන ස්ථානයේ සිටි අපට මේ වසරේ දී 86 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි වී තිබෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

DB

MP_Kumarathunga_cctv_1