Friday, Oct 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් කොළඹින් පිටමං කරන්නේ පැල්පත් වාසීන් නො ව එජාපයයි

කොළඹින් පිටමං කරන්නේ පැල්පත් වාසීන් නො ව එජාපයයි

  • පී.ඩී.එෆ් (PDF)
MP_wimal_weerawansa

ඇමති වීමල් වීරවංශ

කොළඹින් පැල්පත්වාසීන් පිටමන් කිරීමට කිසිදු විටෙක ක්‍රියා නොකරන බවත් කොළඹින් පිටමන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

‘එක්සත් ජාතික පක්ෂය කොළඹින් එලවන්නේ අපි නොවෙයි. ලබන මාසයේ 08 වෙනිදාට එක්සත් ජාතික පක්ෂය කොළඹින් එලවන්නේ කොළඹ ජනතාව විසින්මයි’.

මීට කාලයකට පෙර කොළඹ තිබුණු අපිරිසිදුකම, කැළිකසල ගැටලු ව මේ වන විට නොමැති බවත් කොළඹ පිරිසිදුවට තබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය ප‍්‍රශංසනීය මෙහෙයක් ගනු ලබන බවද පැවසීය.

‘කොළඹ පවුල්  60,000ක් ජීවත්වන්නේ සුදුසු වාසස්ථානවල නොවෙයි. කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ ජීවත්වන සැලකිය යුතු පිරිසක් හඳුන්වන්නේ වතුවල අංකවලිනුයි. මේ වත්තක අංකයක් කිව්වොත් ඒ පුද්ගලයා සමාජයෙන් කොන්වෙනවා. වත්තේ නම ඇහුවහම පාසලකට ළමයෙක් ගන්නේ නැහැ. පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න බැහැ. රජයේ කාර්යාලයකට ගිහිල්ලා වැඩක් කරගන්න බැහැ’.

කොළඹ ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවන්න රජය ක්‍රියාකරන  බවත් රට ත‍්‍රස්තවාදයෙන් මුදවාගත්තා සේ කොළඹ නාගරික බල ප‍්‍රදේශයේ අඩු පහසුකම් ජනාවාසවල ජනතාව එම ඛේදවාචකයෙන් මුදාගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් අරගෙන තිබෙන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

DB