Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ධීවරයන් අත්අඩංගුවට පත්වීම 50%කින් පහතට

ධීවරයන් අත්අඩංගුවට පත්වීම 50%කින් පහතට

  • පී.ඩී.එෆ් (PDF)

ධීවර අමාත්‍යංශය

2010 වසරේ සැප්තැම්බර් 20 වන විට ධීවරයින් 322ක් හා ධීවර යාත්‍රා 57ක් ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කිරීම නිසා ඉන්දීය අත්අඩංගුවට පත් වු බවත් එය 2011 සැප්තැම්බර් 20 වන විට ධීවරයින් 144ක් හා යාත්‍රා 29ක් ලෙස 50%කින් පහත වැටී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

අන්‍ය ආර්ථික කලාපය උල්ලංඝනය නොකරන ලෙස ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමස්ත ධීවර ජනතාවගෙන් කරන ලද ඉල්ලීමට ධීවර ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.

2010 වසර සමඟ සංසන්දනය කරන විට 2011 වසරේ ධීවරයන් අත්අඩංගුවට පත්වීම 50%කින් අඩුවීම ධීවර කර්මාන්තයේ සුබදායක අනාගත පෙර නිමිත්තකි.

අත්අඩංගුවට පත් ධීවරයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා හා තානාපති කාර්යාල සේවා කටයුතු සඳහා 2010 වසරේ දී ධීවර දෙපාර්තමේන්තුව රුපියල් 2,986,986ක් වැය කර ඇති අතර 2011 වසරේ දී රුපියල් 1,481,421ක් වැය කර ඇත.

DB