Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ලෝක සංචාරක දිනය මෙවරත් උත්කර්ෂවත්ව

ලෝක සංචාරක දිනය මෙවරත් උත්කර්ෂවත්ව

  • පී.ඩී.එෆ් (PDF)
touer_1

සැප්තැම්බර් 27 දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම ට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ (දේශිය සංචාරක) මිහිරි ලියනාරච්චි මහතා පවසයි. ලෝක සංචාරක සංවිධානය (WTO) විසින් සංවිධානය කරන ලෝක සංචාරක දිනයේ මෙවර තේමාව වන්නේ “සංචාරක ව්‍යාපාරයට ඇති සංස්කෘතික නැමියාව” යන්නයි.

ලෝක සංචාරක දිනය සැමරීමේ ප‍්‍රධාන උත්සවය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර එයට සමගාමීව පළාත් සංචාරක අමාත්‍යාංශ සහ හෝටල් සංගම් නියෝජනය කරමින් දිවයිනේ සෑම පළාතක් ම ආවරණය වන පරිදි සැමරුම් උත්සව පැවැත්වීමට ද නියමිතය.

ඒ අනුව ප‍්‍රධාන උත්සවය කොළඹ බේරේ වැව ආශ‍්‍රිත කලාපයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනයන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ලෝක සංචාරක දිනය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, සම්මුති කාර්යාංශය සහ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය ඒකාබද්ධව විවිධ වැඩසටහන් රැසක් මේ වන විට දියත්  කරමින් සිටී.

SAKU/ D.M (CMU)

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 06:37