Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් "පරමාදර්ශී නගරයක්" බිහිකිරීමට නම් සැඟවුණු කොළඹ එළියට ගත යුතුයි

"පරමාදර්ශී නගරයක්" බිහිකිරීමට නම් සැඟවුණු කොළඹ එළියට ගත යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)
milinda

- මිලින්ද මොරගොඩ මහතා පවසයි

කොළඹ නගරය "පරමාදර්ශී නගරයක්" කිරීමට නම් සැඟවුණු කොළඹ එළියට ගත යුතු බවත්, සියල්ලන්ගේ ම අවධානය සීමා වී ඇත්තේ මැද කොළඹ, උතුරු කොළඹ ආදි එක්තරා ප්‍රදේශයකට පමණක් බවත් කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසයි.

"පරමාදර්ශී නගරයක්" බිහි කිරීමේ තේමාව යටතේ දින සීයක සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව පවසන මොරගොඩ මහතා 21 වන සියවසට සරිලන පරිදි කොළඹ සකස් කිරීමට නම් දේශපාලන හස්තයෙන් තොර ව කොළඹ නගරය පුරවැසියාට සේවා සලසන තත්ත්වයකට පත් කළ යුතු බව අවධාරණය කරයි.

කොළඹ නගරය තුළ වතු ජනාවාස 1600 ක් පවතින අතර එය විවිධ සංස්කෘතීන්,ජාතීන්,ආගමිකයින් ඇතුළත් බහුවිධ සමාජයකි. සංවර්ධනය කිරිමේ දි ප්‍රධාන වශයෙන් පවතින අභියෝග ජය ගැනීමට නම් දේශපාලනය කෙරෙහි ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීමත්, ඔවුනොවුන් අතර සමඟිය ඇති කිරීමත්, වසර 30 ක් පසුගාමී ව සිටින සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමත් අත්‍යවශ්‍ය බව මොරගොඩ මහතා තවදුටත් පැවසීය.

saku

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 12:14