Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් “කොළඹ තාප්පය" සිතුවම් කෙරේ

“කොළඹ තාප්පය" සිතුවම් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
painting

ලෝක සංචාරක දිනය වෙනුවෙන් පාසල් ළමුන් සහභාගී කරගනිමින් “කොළඹ තාප්පය" නමින් චිත‍්‍රයක් සිතුවම් කිරිමට අපේක්ෂා කෙරේ. “හෙට කොළඹ අපේ අධ්‍යාපනික දරුවන් දකින ආකාරය” යන තේමාව යටතේ එක පාසලකට අඩි 30ක ඉඩ ප‍්‍රමාණයක් ලබාදෙමින් මෙම මස 25 සිට 27 දක්වා බේරේ වැව ආශ‍්‍රිත කලාපයේදී මෙම චිත‍්‍ර සිතුවම් කෙරෙනු ඇත.

27 දිනට යෙදෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය, කොළඹ හෝටල් හිමියන්ගේ සංගමය සහ වෘත්තීය සුපවේදීන්ගේ සංගමය ඒකාබද්ධව වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව කොළඹ නගරයේ පාසල් ළමුන් 1500 කට සංචාරක ක්ෂේත‍්‍රයේ වැඩමුළු පැවැත්වීම, දෙස් විදෙස් සංචාරකයන් ට දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතික ප‍්‍රදර්ශන පැවැත්විම, අනාගතයේදීතරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට දොරටු විවර කරදීම, විශේෂිතආහාර ප‍්‍රදර්ශන සහ සංස්කෘතික කලා සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම යනාදී වැඩසටහන් රැසක් මෙම මස 27 සහ 28 යන දෙදින පුරා ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

එසේ ම ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථානවල පිංතූර ඇතුළත් කලාත්මක මුද්දර දහයක් නිකුත් කිරීමට ද අපේක්ෂිතයි.

එමෙන්ම ප‍්‍රාදේශීය හෝටල් සංගම්, රුහුණු හෝටල් සංගමය, සංස්කෘතික ත‍්‍රිකෝණයේ ඇති සීගිරි හෝටල් සංගමය වැනි හෝටල් සංගම් හතක් 27 වන දින ලෝක සංචාරක දිනය සැමරීමට එක්වේ.

මීට සමගාමීව ඔක්තෝම්බර් 01 සිට 03 දක්වා පළාත් මට්ටමින් පළාත් හතක් නියෝජනය කරමින් ලෝක සංචාරක දින සැමරුම් උත්සව පැවැත්වේ. ඒ අනුව බස්නාහිර පළාතේ මීගමුව, වයඹ පළාතේ කුරුණෑගල බඩගමුව, දකුණු පලාතේ කොග්ගල, සබරගමුව පළාතේ රත්නපුර, ඌව පළාතේ බදුල්ල, උතුරු මැද පළාතේ අනුරාධපුරය සහ මධ්‍යම පළාතේ නුවරඑළිය යන ප්‍රදේශවල මෙම උත්සව පැවැත්වෙනු ඇත.

එහිදී එම පළාත්වල පාසල් දරුවන් සඳහා චිත‍්‍ර තරග, අධ්‍යාපනික වැඩමුළු, දෙස් විදෙස් සංචාරකයන් සඳහා සංස්කෘතික හා කලා ප‍්‍රදර්ශන ද පැවැත්වේ.

මීට අමතරව ප‍්‍රධාන පෙළේ හෝටල් සංගම් විසින් සෑම පාසලකම 27 දින උදේ රැස්වීමේදී “පළාත් මට්ටමින් සංචාරක ව්‍යාපාරයේ නව පිබිදීම සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා දොරටු විවර කිරීම” යන මැයෙන් දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

SAKU/ DM (CMU)

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 07:12