Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ශ්‍රී ලංකා-ඉන්දියා නාවික අභ්‍යාසයේ අවසන් දවස අද

ශ්‍රී ලංකා-ඉන්දියා නාවික අභ්‍යාසයේ අවසන් දවස අද

  • පී.ඩී.එෆ් (PDF)
navy_spoksmen_Com_KW
slinex_tco_0
slinex_tco__1
slinex_tco_2
slinex_tco_4
slinex_tco_5

(ත්‍රීකුණාමලය - ඉන්දීය සාගරයේ සිට) ශ්‍රී ලංකා හා ඉන්දියා නාවික හමුදා ඒකාබද්ධ ව සිදු කරන නාවික අභ්‍යාසයේ අවසන් දවස අද (23) බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ත්‍රීකුණාමලය මුහුදේ දී ඒ 543 මගී ප්‍රවාහන නෞකාවේ සිට මාධ්‍යවේදීන්හට පැවසීය.

ඉන්දීය නාවික හමුදාව සම්ප්‍රදායික නාවික හමුදාවක් ලෙස ඉදිරියෙන් සිටින අතර ගුවන් යානා ගෙනයන නැව් පවා ඔවුන් සතු ව තිබේ. ඔවුන්ගෙන් අපට ලබාගත හැකි අත්දැකීම් රැසක් තිබේ. අපේ නාවික හමුදාවේ 90%ක් පමණ පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන්නේ ඉන්දීය නාවික හමුදාව හරහා ය. මෑතක දී යුද්ධයක යෙදී සිටි ලොව එක ම නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව වන අතර එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ මුහුණට මුහුණ යුද වැදුණු නාවික හමුදාවක් ලෙස එය සැලකේ.

දැනට ලෝකයේ අසමතුලිත නාවික මෙහෙයුම් පිළිබඳ ව තිබෙන හොඳ ම නාවික හමුදාව ද ශ්‍රී ලංකා නාවික හමුදාවයි. කුඩා යාත්‍රා රැසක් යොදා සිදු කරන මෙහෙයුම් අසමතුලිත මෙහෙයුම් ලෙස හඳුන්වයි.

මේ අනුව දෙරටට ම වැදගත් වන අත්දැකීම් සමුදායක් මේ නාවික මෙහෙයුම් අභ්‍යාසයෙන් අත්කර ගත හැකි වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ස්ලිනෙක්ස් - 2011 (SLINEX - 2011) නමින් හඳුන්වන මේ අභ්‍යාසය ත්‍රීකුණාමල මුහුදේ දී පසුගිය 19 වැනි දා ආරම්භ කරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මේ සඳහා වෙරළ ආරක්ෂක යාත්‍රා දෙකක්, අධිවේගී මිසයිල යාත්‍රාවක්, වේග මුර යාත්‍රා දෙකක් හා වේග ප්‍රහාරක යාත්‍රා හයක් සහභාගී වේ.

ඉන්දීය නාවික හමුදාවෙන් මේ අභ්‍යාසය සඳහා ඩිස්ට්‍රෝයර් යාත්‍රා එකක්, ප්‍රිගේට් වර්ගයේ යාත්‍රා එකක්, මිසයිල ගෙන යා හැකි යාත්‍රාවක්, භාණ්ඩ හා භට පිරිස් ප්‍රවාහනය කළ හැකි යාත්‍රාවක් සහ වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් ඇතුළත් වේ. හෙලිකොප්ටරයක් සහ සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානාවක් ද මේ නාවික යාත්‍රාවල තිබේ.

අවසන් දිනයේ නාවික හමුදා අභ්‍යාසය නිරීක්ෂණය සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉන්දීය මහ කොමසාරිස් 

අසෝක් කේ. කාන්තා මහතා ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා ද එක් ව සිටින අතර මේ වනවිට නාවික අභ්‍යාසය ආරම්භ වී තිබේ.

හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි/ඡායාරූප: සරත් ධර්මසිරි

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 10:00